ශිවනාදන් මල්ලියේ
බඩ ගිනි වෙලා හැඬුවා මව් නැති වේලේ
නුඹෙ අම්මාට කිරි එරුණා මං බාලේ
වැලි බත් ඉව්වෙ පළඳා පොල් කටු මාලේ
ඇයි විරසක බවක් අපෙ හදවත් පතුලේ
නෙළුම් මල තබා බුදු සාදුගෙ පතුලේ
කපුරු පිච්චුවා අපි කෝවිල ඇතුලේ
නටා කාවාඩි දේවාලය මිදුලේ
පැදකුණු කළා කිරිවෙහෙරය කොත බැබළේ
මහපටැඟිලි පොට්ටු තියලා නළල් තලේ
පොල් ගැසුවා නොවෙ ද කෝවිල් දොරටු ගලේ
නුඹෙත් මගෙත් හදවත් වල එක රතු ලේ
ඇයි මල්ලියේ පොල් ඉරටට රන්ඩු කළේ
නුඹ ගිය අයුරු සිහිකරලා නුහුරු කැලේ
මැනික් ගඟ අදත් අඬනව දුකෙන් මලේ
සංසාරයේ හැටි මෙහෙම ද සිතෙන වෙලේ
මට බුදුවරුත් අමතක වී කඳුඵ සැලේ
පුන් සඳ පායලා දිලූනම ගුවන් තලේ
විනිවිද පෙනෙන හැටි දකිනට ගග පතුලේ
ලෙච්චමි නඟත් කැන්දාගෙන සැදෑ වෙලේ
ආයෙත් වරෙන් ගං ඉවුරට මගේ මලේ
-ඥාණතිලක හේවාගමගේ
ඥාණතිලක මාත්තයා හොඳ මුනිය වගේ
ReplyDeleteමොනා කීනවද මට අණ්ඩර ශිංගල වාගේ
දෙමළව අමතක කොරනට බැරුව වගේ
දේෂප්‍රේමියො ඉන්නේ වග මොකටද අපිලගේ
-චමින්ද නීල් රප්සිං
හරිම ලස්සනයි.
ReplyDeleteහොඳ කවි පන්තියක්.
ReplyDeleteප.ලි.
අලුත් පෝස්ට් (කොමෙන්ට්ස් නෙමේ)ඊමේල් මගින් ගෙන්න ගන්න විජට් එක මේ සයිට් එකට ඇඩ් කලොත් නරකද?