Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

Friday, December 2, 2011

කබාය ඉරිලා ඊට කමක් නෑ - (කෙටිකතාවකි) ලක්‍ෂ්මන් රන්දෙනිය


දඩ බඩස් යන හඬින් පඩිපෙල දිගේ යමක් පහත මාලය වෙත පෙරලී ගෙන එන හඬින් සෞම්යා ගේ දැහැන බිඳුනි.

ඉන්පසු නිවස පුරා දැඩි නිහඬතාවයක් ඇතිවිය. "අනේ මගෙ කොන්ද" යන දේශප්රිය ගේ කෙඳිරිල්ල පඩිපෙල පාමුලින් නික්මුනේ එම නිහඬතාවය බිඳිමිනි.

"මොකද ඔයා උඩ කරණමක් ගහන්න ගියාද?" සෞම්යා ඇසුවේ මැසිවිල්ලක ස්වරූපයෙනි.

වත්තේ තණකොල කැපීමෙන් මිදීම සඳහා ඕනෑම ආකාරයේ කපටි කමක් කිරීමට දේශප්රිය මැලි නොවන බව ඇය හොඳින් දන්නීය.

එහෙත් ඔහුගේ මුහුණ දුටු පමණින් මෙවර නම් සත්ය වශයෙන්ම තම සැමියා පඩිපෙල පහලට පෙරලී ඇති බව සෞම්යා ට පසක් විය.

"නෑ, මේ කකුල පොඞ්ඩක් ලිස්සුවා" දේශප්රිය සෙමින් මිමිණුවේය.

කොන්ද පාමුලින් පටන් ගන්නා වේදනාව වරෙක දෙපා දෙසටත් වරෙක හිස් මුදුන වෙතත් ව්යාප්ත වෙන විට දේශසීමාවක් හරහා ත්රස්තවාදී කණ්ඩායම් දෙකක් මිසයිල ප්රහාර හුවමාරු කර ගන්නා වැනි හැගීමක් ඔහුට දැනේ.

සෞම්යා ගේ දෑතේ වෙරෙන් නැගිට ගත් ඔහු, ඇගේ සිරුරෙන් වාරු ගෙන සාලයේ කවුච් එකට ගමන් ගත්තේය. ඔහු එහි වාඩිවූයේ ගිනි අඟුරු ගොඩක වාඩි වෙන ආකාරයක් සිහිපත් කරවමිනි.

"මං ඔයාට කී සැරයක් කියල තියෙනවද ඔය යෝගා කෙහෙල්මල කරන්න එහාට මෙහාට නැමෙන එක පඩි පෙළ ලඟ ඉඳන්ම කරන්න එපා කියලා" සෞම්යා ගේ කඩ හඬින් නිවසේ නිහඬතාවය යලි බිඳුනේය.

ඇයගේ කතාව ඇත්ත බව දේශප්රිය දනී. යෝගා පොතකින් බලාගෙන සටන්කාමියා ඉරියව්ව (Warrior Pose) කිරීමට ගොස් මීට පෙරද කීප වරක්ම සිරුරේ සමතුලිත තාවය බිඳීමෙන් පඩිපෙළ දිගේ පෙරලීමට ගොස් බේරුනේ අනූ නවයෙනි.

"තාත්තෙ ඔයා drugs ගහලද ඉන්නේ" දේශප්රිය ගේ යොවුන් දියණිය දිනක් ඇසූ අයුරු ඔහුට තාමත් මතකය. අවාසනාවකට මෙන් මෑතක සිට පඩිපෙල බැසීමට පෙර යෝගා ඉරියව්වක් කිරීමට දේශප්රිය ගේ සිත බල කරන්නේය. අද සිදුවුනේද එම දේමය.

"තාම කොල්ල වගේ කියල හිතාගෙන කරන පිස්සු වැඩ දැන්වත් නවත්තන්න!" සෞම්යා සුපුරුදු අනුසාසනාව කළාය.

"හරි, හරි!" දේශප්රිය සුපුරුදු පිළිතුර දුන්නේය. එම ස්වරයේ අර්ථය තේරුම් ගැනීමට සෞම්යා ට නොහැකි විය.

මැදිවියේ පසුවන දේශප්රිය ගේ හදවතෙහි, අසුර ගැසූ සැනින් පලා ගොස් නොපෙනෙන මානයක සදහටම සැඟවී ගිය සිය තරුණවිය පිළිබඳ මතකය, සියුම් වේදනාබර හැගීමක් ජනිත කරයි.

එක් දිනක පි්රය සාදයකදී මේ ගැන සාකච්ඡාවක් කළ විටක ජයනන්ද ප්රකාශ කළ දෙයක් දේශප්රිය දැඩි ලෙස හිතට ගත්තේය. "යෝගා ටිකක් කරල ජොගින් පාරක් දැම්ම නම් හැමදාම කොල්ල වගේ ඉන්න පුළුවන්."

දේශප්රිය පසු දිනම පොත් හලකට ගොස් යෝගා පිළිබඳ ලියැවුනු පොතක් මිලදී ගත්තේය. එහි සටහන් ඉරියව් සහ ආසන පුහුණු වන්නට පටන් ගත්තේය.

"ගෙදර වැඩ කොරන කොට ඕකෙ තියෙන ඉරියව් ඔක්කොම කෙරෙනවා" තමා සමග යෝගා කිරීමට දේශප්රිය කළ ආදර ආරාධනය කාරුණිකව ප්රතික්ෂේප කරමින් සෞම්යා කීවාය.

යෝගා කරන්නට ගොස් කොන්ද කඩා ගැනීමේ උවමනාවක් ඔහුට නොතිබුනත් මිතුරන් දුන් අවවාද ඒ අයුරින්ම පිළිපැදීමට ගොස් තම සිරුරට දේශප්රිය විසින් මීට පෙරද බරපතල හානි සිදුකරගෙන ඇත්තේය.

වසන්තයේ පිපි සුවඳ මල් කැකුලක් මෙන් තාරුණයේ සුවදින් තම ජීවිතය වෙලී තිබුනු කෙටි සමය දේශප්රිය ගේ සිහියට නැගෙයි. නා නා විධ වර්ණයෙන් පැහැගත් සරසවි මල් උයනේදී, ජීවිතයේ තරුණ උදානය පොත්පත් අතර මිතුරු කැලගේ සිනාවන් අතර, සිහින මාළිගා අතර සහ හන්තානේ මිහිදුම් පොදි අතර සැඟව ගියේ නිතැතිනි. එම මිහිරට පංගු කාරියක් කර ගැනීමට සෞම්යා පසුපස නොකා නොබී දුක් විඳිමින් ගිය අතීතය ඔහුගේ මනසේ සදාතනිකව සටහන්වී ඇත.

තම තරුණ ජීවිතයේ ආරම්භක සන්ධි ස්ථානය ලෙස දේශප්රිය සැලකුවේ ර සරසවියට යෑමට යෑමට සතියකට පමණ පෙර තම මව්තුමිය විසින් දුන් අවවාදයකි.

"දැන් ඔයා ඉංජිනේරු මහත්තයෙක් වෙන්න යන නිසා ගැහැණු ළමයින්ගෙන් බේරීමක් නැතිවෙයි. පරිස්සම් වෙලා ඉන්න."

අම්මා කෙසේ කීවත් සරසවියේ යුවතියන් තමා පසු පස හඹා එන අයුරක් ඔහුට නොපෙනුනේය. අවසානයේ තම සිත ගත් යුවතිය සෞම්යා ට, දිවා රෑ නොබලා try කරන්නට ඔහු සිතුවේ එබැවිනි.

කුඩා කල සිටම තරුණ ජීවිතයේ රස විඳින්නට දේශප්රිය පෙරුම් පුරාගෙන බලා සිටි අයුරු දේශප්රිය ගේ සිහියට නැගෙයි. ළමා වියේදී කට ගැසීමට ගොස් ඇඟ පත ඇති කොල්ලන්ගෙන් ගුටි බැට කන විට "මං ලොකුවෙලා උඹල ඔක්කොටම දෙන්නම්!" කියා ඔහු තමාටම කියා ගත්තේය.

උදක් පෙරුම් පුරා බලා සිටි එම තරුණ දිවිය අසුරු සැනකින් එලඹී, අසුරු සැනකින් ගිලිහී ගිය අයුරු දේශප්රිය ට අදද සිහිනයක් මෙනි.

"මහත්තය තරුණ කම තියෙන්නෙ හිතේ. හිතෙන් තරුණයෙන් වෙලා ඉන්නකම් අපි නාකි වෙන්නෙ නැහැ!" දේශප්රිය ගේ මැසිවිල්ලකට පිළිතුරු වශයෙන් පන්සලේ ලොකු හාමුදුරුවන් දිනක් ඔහුට අවවාද කළේය.

එම සාධුවරයාගේ උතුම් සාරධර්මය අනුව දිවි පෙවත ගෙවන බවට දැඩි ලෙස අදිටන් කරගෙන ඔහු එදා නිවසට ගියේය. එහෙත් සෞම්යා විසින් දිනපතා කොලොස්ටරෝල් පෙති බීමට මතක් කරන විටද, කෙස් අඩුවී යන බැවින් ශීත සෘතුවේදී තම ශරීරය ශීතකරණයක් මෙන් ශීතල වන විටද, සටන්කාමියා යෝගී ඉරියව්වෙන් සිටගත් විට පඩිපෙළ දිගේ පහලට පෙරලෙන විටද, නිදි යහනේ දී සිරි දෙව්දුවට කලින් නිදි දෙව්දුව තමා වැලඳ ගන්නා විටද, සිතින් සිතා ගන්නා තරුණ කමේ එතරම් ඵල ප්රයෝජනයක් නැතිබව ඔහුට වැටහුනි.

"අංකල් බඩ ටිකක් ඇවිල්ල නේද?" දිනක් පුතාගේ සරසවි මිතුරෙක් කළ නෝන්ජලය දේශප්රිය ට සිහිවිය. ඉනවටා පරිමිතිය සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතින බව ඔහු වටහා ගත්තේ, ඊට පෙර සතියේ තම ඉන පටියට නැවත වරක් අළුත් සිදුරක් විදීමට සිදුවූ විටයි. ඇස් පෙනීම තරමක් අඩු බැවින් එම සිදුර විදීමට ගොස් ඇඟිල්ලක්ද තලාගත් අයුරු ඔහුට අමතක නැත.

"පුතා ඉතින් වයසට යන කොට කාටත් බඩ ටිකක් එනවානේ!" දේශප්රිය සමාව අයදින සුළු හඬකින් ප්රකාශ කලේය. තමා වයසට යන බවක් ඊට පෙර ඔහු විසින් කිසි දිනෙක කිසිවෙකුට කියා නැත. "ඒ වුනාට අංකල්ට වැඩි වයසක් නැහැනේ" දේශප්රිය ගේ සිත හැදීමට මෙන් එම තරුණයා කළ ප්රකාශය අසා තමා දුක් විය යුතුද, සතුටු විය යුතුද කියා දේශප්රිය ට නොවැටහිනි.

තම මව විසින් තරුණියන්ගෙන් ප්රවේශම් වන ලෙස කිවූ දිනය තම තරුණ දිවියේ ආරම්භක දිනය ලෙස සැලකූ දේශප්රිය ට, එම වසන්ත සමයේ අවසන් දිනය ලෙස සටහන් කළ හැකි දිනයද මතකයේ රැඳී ඇත.

එදා ගී්රෂ්ම සෘතුව ආරම්භයේ මිතුරු පවුල් කිහිපයක්ද සමග නගරයේ උද්යානයකට ඔවුන් ගියේ BBQ එකක් දැමීමටයි. පුතාගේ බයිසිකලය රැගෙන උද්යානය වටා පොඩි රවුමක් ගැසීමට ගිය දේශප්රිය ට අමුතු හති ගතියක් දැනෙන්නට විය. අවුරුදු ගනනාවකට පෙර දුම් පානයට ඇබ්බැහි වී සිටි සමයේ පඩි පෙලක් නගින විටද එවැනිම අපහසුතාවයක් ඔහුට දැනී ඇත. සෞම්යා ගේ බලකිරීම නිසා ඔහු පසුදා දොස්තර මහතෙකු හමුවීමට ගියේය.

ඔහුගේ සිරුර මනා ලෙස පරීක්ෂා කර එම වෛද්යවරයා "Let’s see, … your weight is too high, your pressure is high, your cholostorol is high, your blood sugar is high. Basically, you have everything in excess, much more than you want" කියා කීවේය.

තුෂ්නිම්භූතවී ගිය දේශප්රිය සිතට ධෛර්යය ගෙන "I didn’t know you joke doctor" යයි මිමිණුවේය.

දේශප්රිය ගේ මුහුණ දෙස තත්පර කිහිපයක් නිහඩතාවයෙන් බලා සිටි වෛද්යවරයා, "I don’t joke, Desh" කියා කීවේ බැරෑරුම් මුහුණක් මවමිනි.

බෙහෙත් වර්ග පහක්ද සමග දේශප්රිය එදා ගෙදර පැමිණියේ අන්ද මන්ද වී ගිය සිතිනි.

යොවුන් වියේ සිටින තම දයාබර දියණිය පහත මාලයට බසින ශබ්දයෙන් දේශප්රිය තම දැහැනින් මිදුනේය. කුමාරියක් මෙන් සැරසී ගිය ඇගේ සිරුරින් නික්මුණු විළවුන් සුවඳින් දේශප්රිය ට කලන්ත ගතියක් මෙන් දැනුුනි. මව සහ පියා දෙස සිනා මුසු බැල්මක් හෙළු ඇය "Love you, see you" කියා විදුලි වේගයෙන් පිටවී ගියාය.

දේශප්රිය "Where are you going?" කියන්නටත් පෙර ෙදාර වැසෙන ශබ්දය ඔහුට ඇසුනි. "අර දුව කොහෙද ගියේ" අන්ද මන්ද වී ගිය දේශප්රිය ඇසුවිට, "දුව යාළුවෙකුගෙ ගෙදර ගියා, තරුණ ළමයින්ව ගෙවල් වල කොටු කරල තියාගන්න පුළුවනියැ?" සෞම්යා ඇඟට නොදැනෙන ගණනට කීවාය.

"කොහොමද මං මේ ගෙදර වෙන කිසි දෙයක් දන්නෙ නැත්තෙ. මං දැන් අවලංගු කාසියක් වගෙ මේ ගෙදර" දේශප්රිය නැගූ මැසිවිල්ල කණ වැකුණු වගක්වත් සෞම්යා හැඟෙව්වේ නැත.

සෞම්යා සහ තමා විවාපත් වී ගෙවූ මුල් කාලයේ ඇයගේ ආදර සෙනෙහසින් ඔහුගේ දිවිය වෙලී තිබුනු අයුරු ඔහුට සිහිවිය. පොඩි සෙම්ප්රතිශ්යාවක් වැළදුනු විටද, කොත්තමල්ලි, වෙණිවැල්ගැට, සුදුළුනු යනාදී ගෙදර තිබූ සියළු දේ මෙන්ම වැල්පෙනෙලද තම්බමින් ඇය ඔහුට පෙව්වාය.

එහෙත් මව් පදවිය ලත් පසු ඇයගේ සෙනෙහස ලබා ගැනීමට තමා පෝලිමේ සිටියුතු වැනි හැඟීමක් දේශප්රිය ට දැනෙන්නට විය.

"ඔයා කොහොමද අවිවාහක ටීම් එකට ගහන්නෙ? තවම කොල්ල කියල නේද හිතේ?" මීට වසර පහ හයකට පෙර යමෙක් ඔහුට කියූ දිනයක් දේශප්රිය ගේ මතකයට එයි.

සිංහල අවුරුදු සමයේ තම දරු දෙදෙනාද සමග දේශප්රිය සහ සෞම්යා ලංකාවට ගියේ දෙමව්පියන් දැක බලා ගෙන අවුරුදු සිරියද විඳ ගැනීමටය. එරබදු මලින් වර්ණවත් වූ ගම්මානය, ඔහුගේ දිවියේ එක් පරිච්ඡ්දයක මිහිරි මතක සටහන් අවදි කලේය. ගමේ අවුරුදු උත්සවය දා පැවති විවාහක-අවිවාහක කි්රකට් තරඟයට සහභාගී වීමට පෙරුම් පුරා සිටි දේශප්රිය එදා කෙලිපිටියට ගියේ එම ජීවන සටහන් අළුත් වැඩියා කර ගැනීමේ අදිටනිනි.

පුරුද්දට වාගේ ඔහු කෙලින්ම ගොස් අවිවාහක කණ්ඩායමට තම නම ඇතුලත් කළේය. එහෙත් ඔහු තව දුරටත් එම කණ්ඩායමට අයිති නොවන බව ඉහත සඳහන් අයුරින් යම් කෙනෙකු විසින් ඔහුට මතක් කර දුන්නේ එවිටය. "එන්න මල්ලි අපේ පැත්තට" විවාහක කණ්ඩායමේ අය ඔහුව සාදරයෙන් පිළිගත්තෝය.

මුහුකුරා ගිය ඉන පරිමිතිය සහ ගිලිහී යාමට මාන බලන මදින් මද සුදුවූ කේශ කල්යාණය විවාහක කණ්ඩායමේ ප්රධානතම ලක්ෂණය ලෙස දේශප්රිය ට පෙනුනි.

"Oh, shit!" නමැති ඕස්ටේ්රලියානු පදවැල දුක්මුසු ස්වරයෙන් තුන්වරක් තමාටම මතුරා ගත් දේශප්රිය විවාහක කණ්ඩායම වෙත පිය නැගුවේය.

පලමුවෙන් පන්දුවට පහර දුන් අවිවාහක කණ්ඩායම, ලකුණු 150 ක් රැස් කර ගත්හ. ගෙවල් වල දරුවන්ගේ වැඩ සහ රැකියාව වැනි දේ නිසා පුහුණු වීමට අවස්ථාවක් නොලත් නිසාදෝ විවාහක කණ්ඩායම ලකුණු 30 කට දැවී ගියහ. දේශප්රිය ට සතුටු වීමට තිබුණු එකම කරුණ නම් එයින් ලකුණු 25 ක්ම රැුස් කර ගත්තේ ඔහු විසින් වීමයි.

කොන්දේ අමාරුව තරමක් අඩුවී ඇති බව දැනුන නිසා, දේශප්රිය හෙමින් හෙමින් දෙපයින් හිට ගත්තේය. "ආ ඩාලින්, ඔයාට හොඳයි වගේ නේද? එහෙනම් ඉක්මනට ගිහිල්ල වත්තෙ තණකොල ටික කපල දාන්න. කැලේ වගේ, ලැජ්ජාවේ බැහැ!" ඔහු නැගී සිටිනු දුටු සෞම්යා කීවාය.

කොර ගහමින් කුස්සිය වෙත ගිය දේශප්රිය පැනඩෝල් පෙති තුනක්ම ගිල දමා වත්ත දෙසට පිය නැග්ගේ, සටන්කාමියා ඉරියව්ව කිරීමට ගොස් හදාගත් කොන්දේ අමාරුව හොඳ කර ගැනීමට, බල්ලාගේ හෝ පූසාගේ ඉරියව්ව කළයුතු යැයි අදිටන් කරගනිමිනි.

-ලක්ෂ්මන් රන්දෙනිය

(මෙහි සඳහන් සියළු චරිත පමණක් නොව සමහර වචන පවා මනඃකල්පිතය.)

(image: http://www.spiritofyoga.com.au/)

Saturday, November 12, 2011

මගේ ආලය - හේමාල් ජයවික්‍රම

සුපුරුදු පරිදි රෑ කෑමක් ලෑස්ති කරල තිබුණ මා සමග එකට විශ්ව විද්යාෑලයේ ඉගෙන ගත් මිතුරෙක්. ඉතිත් අපි කා බී හමාර වෙලා ගැහැණු උදවිය වෙනම ද, පිරිමි උදවිය වෙනම ද කථා බහ කරමින් සිටියෙමු.

“හරිම අහිංසකයා, මිනිහට වුණේ වැඩිය තැලිල පොඩි වෙලා හිටියෙ නැති කම අණ්ඩර කනවා ලේසියෙන්ම. මොකක් දෝ අණඩරයක් කාලා, එක්සෑම් ඇණ ගෙන අන්තිමට බීලා පිස්සෙක් වාගෙ හිටියා ලූ පස්සෙ ගම් පළාතේ. දවසක් කෝච්චියට නාවලපිටිය පැත්තෙදි අහුවුණා. කියන්නෙ නම් මිනිහ පැන්න කියලා. පව් හරිම අහිංසකයා. හොඳකම ඕනෑවට වැඩියි.”

එය ඇසුණ විගස මගෙ ඉහමොළ රත්වුණා. මම හනික ඔවුන්ගෙන් සමු ගෙන කාරයට ඇවිත් එය පණ ගැන්නුවෙමි. බිරිඳට ද එය ඇසෙන්න ඇති. මම ඇගේ ඉරියව් දැක්කෙමි. ඇය එය සඟවා පුතා ද කැටුව මා පසු පස විගසින් විත් කාරයට ගොඩවූවාය. කිසිවකුටත් නොකියාම අපි පිටත් වුණෙමු. කාරය වේගයෙන් ඇදෙද්දී මගේ සිත අතීතයට ගමන් කළා.

***

මට පුදුමත් හිතෙනවා, සමහරෙක් මගෙ යාළුවන්ට තිබූ බිය සැක නැති ගතිය ගැන එයාලට පහසුවෙන් කෙල්ලක් ගාවට ගිහින් අහන්න පුළුවන් කම තිබුණා එයා මට ආදරේ ද කියලා. ඉතින් කෙල්ල කැමැති වුණත් නැතත්, එයාලට ඒ අවස්ථාවට මුහුණ දීලා, පරෙම තිඵලය කුමක් වුවත් සාමාන්ය විදිහට ජීවත් වෙන්නට හැකියාව තිබුණා.

නමුත් මට නම් එහෙම දේවල් කරන්න තියා හිතා ගන්න වත් බැරිව සිටියෙ. කොහොම ද එකට අවතීර්ණ වෙන්නෙ කියලා. “කන්න වුනොත් එහෙම?” ඒ කීවෙ අපේ භාවිතයෙන් කෙල්ල කිසියම් සම්බන්ධයකට “කැමැති නැහැ!” කියනවට.

කෙල්ලන් සමග ආශ්‍රය කිරීම මෙන් ම වල්පල් කතා කිරීම නොහොත් “සැල ගැහීම” වැනි දේවල් වලට නම් මම හරිම දක්ෂ“යෙක්. ඒවට නම් කෙල්ලො සාමාන්යනයෙන් මට කැමති බව මට දැණුනා. හැබැයි මම දැනන් සිටියෙ නැහැ ඒ ඇයි කියලා. එයාලා මා කී දේ අසා සිටින්න, මා ඇසුරු කරන්න, මා සමග එකට යන්න එන්න කැමැති වුණා.

“අනේ අහිංසක කොල්ලා, තැලිලා පොඩිවෙලා නැහැ, ඉතින් මොකට ද බය වෙන්නෙ”, එහෙම හිතෙන්න ඇති එයාලාට. ඒත් මට එයාලා කා සමඟ වත් ආදරයට සම්බන්ධ යමක් නම් කතා කිරීමට කොහෙත්ම හැකියාවක් තිබුණෙ නැහැ.

මගේ යහළුවන් අතර සිටියා ලස්සන කෙල්ලක්. ඇය සිහින් උස පැහැපත් කෙල්ලක්. වටකුරු මුහුණ සහ දිගු නෙත් හිමි වූ ඇය හරියට මං දැකපු හින්දි චිත්‍රපටියක නිළියක් වාගේ. හේමා මාලනී!

මට නම් එයා ගැන හරි ආදරයක් දැනුණා. නමුත් මට ඇයට මගේ අදහස් නම් මේ කල්පයට කියා ගන්න බැරි වුණා.

ඒත් ඉතින් මට බිය වෙන්න නම් කාරණයක් වූයේ නැහැ. මගේත් හැඩහුරු කම, මුහුණෙ පෙනුම, කඩවසම් බව අනර්ඝ නොවුණාට ලස්සන කෙල්ලකගේ හිත ගන්න බැරි තරම් නරක බවක් තිබුණේ නැහැ. මා ඉගෙන ගන්නා පාඨමාලාවත් මට ඉතා ඉහළ අනාගතයකට අත වැනූ නිසා, අනෙක් බොහෝ දෙනෙකුට වැඩිය වාසියක්ද මට තිබුණා.

දිනක් මම මගේ හිතේ අදහස මගේ ඉතාම ළඟ මිතුරා, ප්‍රගීත් ට කීවෙමි. ඔහු සිටියේත් අප උන් මහලේ ම යි. නමුත් මම මගේ කාමරේ මිතුරාට, එනම් රූමාට නම් මේ බව කිසි දිනෙක නොකීවෙමි. සුරේෂ් මා එතරම් ප්රිමය කළ කෙනෙක් නොවේ. මා හිතුවේ ඔහු කුහකයෙකු කියලා යි. නමුත් ප්‍රගීත් නම් එහෙම නැහැ. ඔහු මගේ කුළෑටි කම හොඳින් තේරුම් ගත් හොඳ මිතුරෙක් වුණා. මගේ හැම දෙයක් ම එයාට කියන්න පුළුවන් කමක් මට තිබුණා.

මා විනීතාට ආදරේ කීවාම ඔහු මට ඒ ගැන හුඟක් අවවාද අනුශාසනා කළා. “කොහොම ද ආදරය ප්‍රකාශ කරන්නේ” කියලා කියා දුන්නා. ඇය තනිවම හමුවුණ වේලාවක කෙලින් ම කටින් ම අහන්න කියලා කීවා. මට ඒකට නම් කොහෙත් ම එකඟ විය නොහැකි වුණා. එනිසා ඔහු මට කීවා, පුළුවන් නම් විනීතාට පුංචි පහේ තෑග්ගක් දෙන්න කියා. මා ඒකට එකඟ වුණා.

ඒ අනුව දවසක් මම විනීතා සහ ඇගේ මිතුරියන් හමු වුණෙමි. මා රැගෙන විත් සිටියේ විනීතාට දීම සඳහා කඩන කුඩයක්. බොත්තම එබූ සැනින් එය ස්වයංකීරයව දිග හැරෙන විදිහේ කුඩයක්. ඒ කාලෙ එවැනි කුඩ වැඩි භාවිතයක් තිබුණේ නැහැ.

මං ඒක එයාට දීලා කීවා ඒක මගෙන් පොඩි තෑග්ගක් කියලා. මා කීවා “දේශනවලට හෝ ශාලාවේ සිට පීඨයට යන-එන විට, අව්වෙන් සහ වැස්සෙන් පරඩි වේසම් වීමට ඒක භාවිතා කිරීමට” ය කියා.

ඇය එය ඉතා ආශාවෙන් රැගෙන මට මුව නොසෑහෙන සේ ස්තුති වන්ත වුණා. එදින මගේ හදවතට දැනුන සුවය නිම් හිම් නැති වුණා. ඒක වචනයෙන් පරවි කාශ කරන්නට බැහැ. හරියටම ‘වර්ෂාවක් සමඟ එන සිසිලක දි ඇඟ කිළිපොලා යනව’ වාගේ හදවත තුළ ඇති වුණ දැනීමක්. නමුත් සිතට හරිම උණුසුම් භාවයක් තමා දැනුණෙ.

ඒ සිද්ධියෙන් පසු ඈ කෙරෙහි මගේ ආදරය තව තවත් වැඩි වුණා. ඇය සහ ඇගේ මිතුරියන් හමු වීම මගේ දින චර්යාව බවට පත් වුණා. එහෙත් ඒ කිසිදු අවස්ථාවක, මට ඇයට මගේ ආදරය කීමට නම් නො හැකි වුණා. පරත් ගීත් දිනක් මට කීවා, පුළුවන් නම් ලියුමක් ලියා දෙන්න විනීතාට දෙන්න කියලා. මා ඉතාමත් අකැමැත්තෙන් ලියුමක් ලියලා ඔහුට දුන්නෙ, කිසි කෙනෙකුට එය නො කියන ලෙසත්, ඇයගේ අතට ම එය දීමටත් කියා ආයාචනය කරමිනුයි. ඔහු ඒ වැඩේ බාර ගත්තා.

ඉන් පසු මං ඇය හමු වීම මඟ හැරියා. මට පුදුම විදිහේ ලැජ්ජාවක් හිතට දැනුණා. ඇය කුමක් කියාවි ද?

සති කිහිපයක් ගත වුණා. නමුත් මට පිළිතුරක් නම් ලැබුණේ නැහැ. ඉඳලා හිටලා විනීතා මට මුණ ගැසුණත් ඇයට හරියට මුහුණ දීමට මට නො හැකි වුණා. නමුත් එ වැනි අවස්ථාවල දී ඇය නම් වැඩි වෙනසක් පෙන්වූයේ නැහැ. “වෙන දාට වඩා ඇය මා සමග කුළු පග දෝ?” දැයි කියා මට හිතුණා.

තවත් සති දෙකක් පමණ ඉක්ම ගොස් දිනක් මට පීඨයට තැපෑලෙන් ලියුමක් ලැබුණා. මා දැන සිටියේ නැහැ, එය කාගෙන් ද කියලා. කවදා වත් නො දුටු අත් අකුරු දකිත්ම මට සැකයක් පහළ වුනා. සමහර විට විනීතාගෙන්?

මං එය රැගෙන ඉක්මනට කඩා බැලූවා. ඒක දිග ලියුමක්. අමතා තිබුණේ සදාදර පරනා සන්න කියලා! ඒත් මොනවා ද දන්නෙ නැහැ එයා මට ලියා තියෙන්නේ?

මම ලියුම සාක්කුවේ දාගෙන හනික පියමන් කොට ගොස් කාමරයට වැදී අගුළු දා ගෙන එය කියවන්නට වීමි.

“ඔයා විසින් එවන ලද ලිපිය ලදිමි. එය බලා මා වින්ද සතුට මෙතෙකැයි කියන්න බැහැ. ලිපියක් පමා වූවාට මං ඔයගෙන් සමාව අයැද සිටිනවා. ඔයා මට ආදරය කරන බව දැන ගත් වේලේ මට ඇති වූ සංතෝෂය කියා ගන්න බැහැ. මං ඒක තනිව විඳ ගත්තා. ඉතින් මගේ වලස් පැටියෝ, මමත් ඔයාට හරිම ආදරෙයි. (මොනවා එහෙම ඇයි එයා මාව අමතන්නෙ, මගේ කොණ්ඩෙ නළලට වැටිලා නිසාද? ඒත් කාරි නැහැ, ආදරයට වෙන්න ඇති. මට මතකයි, එයා මට දීපු රුසියන් නවකථාවකත් ඒ විදිහේ ආමන්තරත් ණයක්. මං ඒ පොත රූමාටත් පෙන්නුවා දවසක්.) අපේ ආදරය නුදුරු අනාගතයේ සඵල කර ගෙන ඔයත් සමග එකට, එකම පැලක ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරමි.”

“නමුත් ඔයා දන්නවා නෙ, අපි ඉන්න තත්වය. අපි විශ්ව විද්යාුලයේ ඉගෙන ගත්තත් අපේ ඉගෙනීම් කටයුතුවලට බාධා වන ලෙස අපේ ආදරය පවත්වා ගෙන යාමට, මට හිත දෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙන දා වගේ කිසි වෙනසක් නො පෙන්වා දිගටම ආශ්ැරය කරමු. අපේ යහළුවන් කිසි කෙනෙක් දැන්ම අපේ සම්බන්ධය දැන ගන්නවාට මම කැමැති නැහැ. ඒ මොකද අපේ ගෙදරට ආරංචි වුණොත්, අපේ සම්බන්ධයට බාධක පැමිණිය හැකියි. මගේ මස්සිනාට මාව ඉක්මනට බන්දලා දේවි. එනිසා අපි සිතින් පමණක් එකිනෙකාට ආදරය කරමු. ඔයා වෙනදා වගේ මා සමග කථා කරන එක පවා අඩු කරන්න.”

මා ජීවිතයේ දී ලත් ලොකු ම සතුට එය යැයි මට හැඟුණා. මට ඇය නිතරම මතක් වුණා. ඒ ලිපිය කියවන හැම මොහොතකම ආදරයෙන් මගේ මුළු ගතත්, සිතත් කුල්මත් වුණා. හරිම පුදුමයක්. කිසිම ලෙසකට මනෝමය ලෙසින් පුබුදුවා ගත නො හැකි සර්වාංගයම, මේ ලිපි කැබැල්ලෙහි අකුරු කිහිපය නිසා පුබුදු වෙලා.

මෙහෙම කලක් ගත වෙද්දී, මට ඇය ගැන සිතන්නෙ නැතිව ඉන්න බැරි වුණා. රාතිරුසියේදී නිදා ගත්තේත්, උදයේ අවදි වුණේත් ඇය ගැන සිතලා. ඇඳේ වැතිරී සිටීමට මා ආශා වුණේ, ඇය ගැන සිතන්න. මම ලියුම් ලීවෙමි. ආදර හසුන් සමහරක් ඒවා පිටු තුන හතර දිගය. ඒත් මට කියා ගන්න බැහැ, ඇය කෙරෙහි මගේ තිබුණ ආදරය. මට ඇගෙන් ද නොවරදවා ම පිළිතුරු ලැබුණා. ඇගේ ඉල්ලීම පිට මම වෙනස් වෙන්නට පටන් ගත්තෙමි. හොඳින් ඇඳ පැළඳ ගැනීමට මා පටන් ගත්තේ, ඇගේ උවමනාවට. මට නො දැනුවත්වම ටිකෙන් ටික මගේ අධ්යාමපන වැඩ පවා අතපසු වුණා.

මගේ කාමරේ යාළුවා, සුරේෂ්ට මගේ වෙනස තේරුණා. එයා මට කොලොප්පම් කළා. මගේ ඇඳුම් පැළඳුම් වෙනස් වෙලාලූ. කෙල්ලක් වත් යාළු වෙලා ද?

මා ඔහුට ආඩම්බරකම් පෑවා. කෙල්ලක් ඉන්න බව අඟවලා. ඒත් කීවෙ නැහැ කව්ද කියලා. එයා අනුමාන කරලා විනීතාගේ නම කිව්වම, මට දැනෙන සතුට කියන්න බැරි තරම්. මම එය සඟවා ගැනීමට නිරර්ථක උත්සාහයක යෙදුනෙමි.

ටික කාලෙකින් අපේ මහලයේ සිටි හුඟ දෙනෙක් ද පසුව මගේ බැච් එකේ හැමෝම මට කෙල්ලක් ඉන්නවා කියලා දැන ගත්තා. ඒත් ඒ කවුද කියල, කිසි කෙනෙක් දැන ගෙන හිටියේ නැහැ. මා සාමාන්යලයෙන් ලැජ්ජාශීලී නිසා කවුරුවත් ඇසුවෙත් නැහැ. සමහර විට එයාලා අනුමාන කරන්න ඇති. ඒ මා සමඟ හැමදාම කලා කේන්ද්රලයේ චලන සිතුවම් බලන්න ගිය, ගැහැණු ළමෝ කණ්ඩායමේ කවුරු හරි කියලා.

ඒ විනීතා කියලා නම් විශ්වාස කරන එකකුත් නැහැ. ඒ තරමටම එයා ලස්සනයි. කොල්ලො නම් ඊර්ෂ්යා වෙන්න ඇති එහෙම හිතන්න වත්.

ඒ කෙසේ වුවද, මට හරිම හුදකලා බවක් දැණුනා. විනීතාගේ ඉල්ලීම පිට, මට ඇය හා තනිව කථා කිරීමට නොහැකි වුණා. ඉඳලා හිටල දැක්කට ඒක හිතට මදි. මට ගොඩක් දේවල් තිබුණා, එයා හා පැවසීමට. ඒවා එකින් එක කාලයත් සමඟ වැලලී ගියා. දිනෙන් දින ඇය හා දෙඞීමට අලූතින් දේවල් එකතු වුණා.

මගෙත් ඇගෙත් පළමු නම් ගැලපෙන හැටි! ප්‍රසන්න සහ විනීතා, ඉංගීරළමුසියෙන් ලිව්වොත් එකම අකුරු ගාන, ඒවාට ඉලක්කම් දැම්මොත් එකතුව! ඒකට කියන්නේ අංක විද්‍යාව, හරිම බොළඳ ලෙස මගේ මනස විකෘති වෙලා.

මෙසේ කාලය පසුවෙද්දී අපේ වසර අවසානයේ විභාග සමය එළඹුනා. හැම දෙනාම බොහොම මහන්සි වෙලා වැඩ කරනවා. කතා කරන්න තියා කන්න බොන්න වත් වේලාවක් නැහැ. කොරිඩෝරය දිගේ යන එන අතරේ යහළුවන් හමු වූවත් කතා නැතිව සිතින් ගණන් හද හදා යනවා. බවුන්ඩ්රිස ලේයර් තියරි, බර්නොයිලීස් ඊක්වේෂන්, බෙන්ඩිං මෝමන්ට්, මේටිරතා්ක්ස් සහ මැතමැටික්ස්.

“මට නම් මැත කොහෙ හරි දා ගන්න පුලූවන් මචං. උඹේ කට මැත, කට මැත දාලා මැත ඇණ ගනින්.” කාමරයකට ගියොත් “තෙල බෙදුවා ඇති යන්න, යන්න” කියලා පන්නා ගන්නවා.

නමුත් මගේ සිත නම් ව්යාදකූල වෙලා. මට පාඩම් කිරීමට සිත එකලස් වෙන්නෙ නැහැ. කුළුඳුල් ආදරය මෙ තරම් ප්තරබල බව දන්නවා නම්, මා කවදා වත් මේක පටන් ගන්නෙ නැහැ.

ආදරය කරන කොට පීඩනය අඩුයි, හොඳට ඉගෙන ගන්නත් විභාග සමත් වෙන්නත් උදව් වෙනවා, කියලා අහලා තියෙනවා. නමුත් මට වෙලා තියෙන්නෙ ඒකෙ අනෙක් පැත්ත. ආදරය නිසා මගේ පීඩනය වැඩි වෙලා.

කෝ ඉතින් කතා කරන්න තියා, දකින්නවත් විදිහක් නැහැනේ. විනීතාගේ කෝලම්. මෙහෙම ඉවසන් ඉන්න පුළුවන්ද?

ඇය දැක ගැනීමට කාලෙකින් බැරි වුණා. අවසානයේ ඉවසුම් නැතිම දිනෙක මම පාරට බැහැලා, ඔහේ ඇවිද ගෙන ගියෙමි.

“අඩෝ උඹ පිස්සු කෙලින්නෙ නැතිව කරෑෙ ම දාපං!” කොල්ලො මට හිනා වුණා. උන් හිතුවද දන්නෙ නැහැ මට පිස්සු කියලා. ඇත්තටම මට පිස්සුද? මම අක්බාර් පටු පාලම පහු කරලා ආවෙමි. මා ළඟ කඩන කුඩය අතේ. විනීතා එය මට ආපසු දුන්නා දවසක් හදිසියේ ඇති වූ වැස්සක් නිසා. මට එය පාලමෙන් පහලට වීසි කරන්න සිතුණා. මං දැන්නෙ නැහැ ඒ ඇයි කියලා.

පාලම පහු කරලා යන විට මට දක්නට ලැබුණා ලස්සනට කහ පාටට මල් හලමින් සිටි මැයි ගහ යට සිටිනා ජෝඩුවක්. කවදා ද මාත් ඔය වාගේ විනීතා සමඟ ඉන්නෙ?

මම ඔවුන් පසු කර ගෙන ගොස් ලවර්ස් ලේන් එක දෙසට හැරුණෙමි. මගේ ඇස් කොනට මට හැඟූණා ඒ විනීතා කියලා. මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා.

මා සිතූවේ “විනීතා කාව හරි කොල්ලෙකු සමඟ නිකමට කතා කරනවාදෝ?” යි කියලා. කෝකටත් මම ආපසු හැරී නැවත නෙත් අයා බැලූවෙමි. ඒ දෙදෙනා බොහොම සමීප වෙලා සිටියෙ නැතත් ආදරවන්තයින් බව නම් එක පාරටම කියන්න පුළුවන්.


“ඔව් ඒ විනීතා, මගේ විනීතා. මගේ කාමරේ යාළුවත් සමග එකම බංකුවක සමීපයෙන් වාඩිවෙලා ඉන්නව.”

මගේ හිසට යමෙකු මිටියකින් ගසන්නාක් වැනි බරක් එකවරම දැණුනා. හිස රත් වුණා. බඩ දෑවා. විනීතා මා දෙස බලා ලජ්ජා සහගත සිනහවක් පා ඉවත බලා ගත්තා. මා පියවර කිහිපයක්ම ගියා නොනවත්වාම කර කියා ගත හැකි දෙයක් නොමැතිව. මට විතරයි එයා නීති දැම්මෙ, දැන් කොහොමද මෙයා එක්ක එහෙම ඉන්න? මට බැහැ, මට බැහැ, දීනයකු ලෙස කරබා ඉන්න. මම හැරී ඔවුන් වෙත ගියෙමි.

“විනීතා ඇයි ඔයා මට මෙහෙම කළේ?” ඇය ම දෙස විශ්මයෙනුත් බියෙනුත් බලා සිටියා. මගේ මුහුණ ඒ තරමට ම බියකරු වෙලා තියෙන්න ඇති.

මගේ මිතුරා අතින් වේගවත් සංඥාවක් කරලා “යනවා ඕයි” කියල කීවා.

ඉන්පසු සිදු වූ දෙයක් මට මතක නැහැ. මගේ හිස අවුල් වෙන්න ඇති. මං මිතුරාට කඩා වැදිල ගුටි කන්නත් ඇති. මං දන්නෙ නැහැ. මං අනුමාන කරලයි, මේ කියන්නේ.

නමුත් මට කාගේ දෝ හඬක් ඇසුණා. ඒ හඬ මගේමයි. නමුත් යකෙකුගේ සේ භයංකාරයි. ඒ හඬ මාව මෙහෙයවන්න පටන් ගත්තා. ඒ අනුව මම ලවර්ස් ලේන් එක දිගේ පහලට දිව ගොස්, එතැන තිබූ පඳුරු ගොන්නක් තලාගෙන, පාලම යට මහවැලි ගං ඉවුරට ආවෙමි. එදා ගඟ දෙගොඩ තලා යන වෙලාවක්. අනුමානයක් නැහැ, පැන්නොතින් සුළු මොහොතකින් මා ගිලී මියෙනවා ඇති.

මොනව ද, වැඩිම වුණොත් විනාඩි දෙකක් ජීවිතේ ලොකුම දුක විඳින්න වෙයි. ඒක මේ හදවතට දැනෙන දුක සමඟ සංසන්දනය කරන කොට, නො සලකා හැරිය හැකියි. ඒකත් මොන දුකක් ද? මට හිත කියනවා පනින්න කියලා. කොහොම ද මෙ තැන් සිට ජීවිතයට අළුතින්ම මුහුණ දෙන්නෙ. මා මිය යනවා, මැරෙනවා, දිවි නසා ගන්නවා.

අනේ මගේ දෙමව්පියන් මා ඉංජිනේරුවෙකු වෙන කම් බලාන ඉන්නෙ, පවුල ගොඩ ගන්න. වෙන පවුලකට මෙන් ආභරණයක් වෙනවා වෙනුවට, මට මුල ඉඳලා ඔක්කොම ගොඩ ගන්නයි නියම වෙලා තියෙන්නේ. මගේ නංගිලා, මල්ලිලාටත් ලොකු ආදර්ශයක් වේවි කියා, ගමේ හිතෛෂී හැමෝම කිව්වා. මං ආදරණීය කීකරු පුතෙක්, දයාබර සහෝදරයෙක්. මං නැති වෙලා කොහොමද?

මේ පාර නම් මගෙ විභාගයෙනුත් අසමත් වෙන එක ආයෙ කියන්න දෙයක් ද? ඉතින් මොකෝ ඕක ආයෙත් සැරයක් කරන්න බැරුවායැ, ජීවත් වෙලා හිටියොත්. අණ කරන්නෙ පණ තියාගන්න.

අම්මාගේ වදන් මට ඇහෙනවා. අම්මා මා කොතරම් ආදරයෙන් බලා ගත්ත ද? රෑ සිහිනයක් දැක බය වෙලා හඬ හඬා මා බලන්නට බෝඩිමට ආවා. ඒ මං ඉස්කෝලෙ බෝඩිමේ ඉන්න සන්දියේදි.

“ඒත් අම්මෙ, මං කොහොම ද මේ හැම දෙයක්ම නිවැරදි කරලා ජීවිතයට යළි මුහුණ දෙන්නෙ. මට යන්න අවසරයි” එසේ සිතා මං පනින්න හැදුවා.

අම්මා කොච්චර නම් වැළපෙයි ද? මා නිසා. මගේ අයියා අකාලයේ මිය ගිය පසු දින ගණනක් ඇය හැඬුව හැටි මට මතකයි. යම්තම් උමතු ලෙසත් හැසුරුණා, අවුරුදු ගාණක්ම. ඉතින් මාත් නැති වුණොත්. මං ආවේගය මැඩ ගෙන, පසු බා සිට, එ අසළ වූ ගලක වාඩි වුණා. මට මහ හයියෙන් හැඬුණා අම්මා නිසා.

එතකොට තමයි සිහිනෙන් වගේ මට ගැහැණු කඩ හඬක් ඇසුණෙ.

“ප්‍රසන්න ඔයා මොකද තනිවම ඔතැන කරන්නෙ?”

මම හැරී බැලූවෙමි. විනීතා, ඇය ඇවිත්. ලැජ්ජාවෙ බැහැ. මම නැගිට්ටේ ගඟට පනින්නයි. නමුත් ඈ මගේ පයින් අල්ලාගෙන බිම පෙරලූණා.

“මට මේ ගමන යන්න දීපං පරට්ටි!”

“බැහැ ඔයාට තනිව මේ ගමණ යන්න දෙන්න බැහැ. ඔයා පැන්නොත් මාත් පනිනවා!”

“මොනවා විනීතා මා සමඟ එකට දිවි නසා ගන්නවා?” අදහගන්නත් අමාරුයි. මට එක පාරට ම ඇය ගැන දුකක් හිතුණා. මා ඇයට බැන්නත්, ඒ බව නොසලකා එයා මට ආදරයෙන් කතා කරනවා. මේ අර ගහ යට අර ජඩයත් එක්ක සිටි විනීතා ම ද? නැති නම් ඒ වෙන කෙල්ලක් වත් ද? එතැන සිටියෙ?

මා මැරුණත් විනීතාට නම් මැරෙන්න ඉඩ දෙන්න බැහැ. මගෙ පණටත් වඩා ආදරය කළ කෙල්ල. මං කොහොම ද ඒ ආදරය පළුදු කරල, ආත්මාර්ථකාමියෙකු වගේ ජීවිතයෙන් පලා යන්නෙ?

ආදර සිතකට බැහැ, ආදරයේ ගැස්ම ජනිත කර වන දෙය වනසන්න. මගේ ආදරයේ හද ගැස්ම ජනිත කර වන්නෙ විනීතා . ඒකෙනුයි මගේ සිතේ ආදරයක් ඉපදුනේ. ඉතින් ඒ ගැස්ම නැති වුවොත් මගේ ආදරයත් නැති වෙනවා. මැරුණත් ඒ ආදරය මා ළඟ තිබිය යුතුයි. එ සේ නම් විනීතා ජීවත් ව සිටිය යුතුයි. එයා අයිති මට ද, වෙන කාට වත් ද කියන එක නො වේ වැදගත්. මගේ ආදරය ජනිත කර වන ගැස්ම කොතැනක හරි පැවතීමයි වැදගත්.

මම නිසල වී ඇය දෙසට හැරුණෙමි. විනීතා සිහිනයක් මෙන් මගේ පය පාමුල වැටී මා දෙස බැලූවා.

“ප්‍රසන්න මට ප්‍රගීත් සේරම කීවා. ඒ හැම දෙයක්ම කරල තියෙන්නෙ ඔයාගෙ රූමාගෙ උපදෙස් පිට. ප්‍රගීත් අරහේ බයේ ගැහි ගැහී ඉන්නවා ඔයා ජීවිතේ නැති කර ගනීවි කියලා. මට ඇවිල්ලා බලන්න කීවා. එයා ආවෙ නැහැ ඔයා පනීවි කියාලා බයට.”

“උන් එකතු වෙලා ඔයා මුලා කරලා. මං ලියන විදිහට බොරු ආදර ලියුම් ලියල තියෙනව. ඔයා රැවටිලා ඉන්න හැටි දිහා බලලා, එයාල කුරිරු විනෝදයක් ලබල තියෙනවා. ඒ අතරෙ තමයි ඔයාගෙ රූමා මට කිට්ටුව දාන්න ආවෙ. නමුත් මං මිනිහගේ වංචා සිත අඳුන ගත්තා. ඔයා එන කොටත් මං රණ්ඩු වෙවී හිටියෙ මිනිහගෙ නොහොබිනා යෝජනාවකට එකඟ නොවී. පරටත ගීත් ඔයා හොයා ගෙන ඇවිල්ලා තියෙනවා. එයාට ඉවෙන් වගේ තේරිලා ඔයාගෙ වෙනස. නිකම් පිස්සුවෙන් වගේලූ හිටියෙ. එයා වෙච්ච හැම දෙයක් ම දැකලා. ඔයාට අර මුර්ගයා ගහන වත් දැකලා. එයා ඉක්මනට මට කතාව කෙටියෙන් කියලා ඔයා බේරා ගන්න ඉල්ලූවා.”

“අනේ ප්‍රසන්න ඔයා දන්නවා නම් මං ඔයාට කොච්චර ආදරේද කියලා?”

“එහෙනම් ඇයි ඔයා අර මිනිහා එක්කක යාළු වුණේ?”

“මං බලාන උන්න අද හරි, හෙට හරි ඔයා මට ආදරෙයි කියාවි කියා. ඔයා මා ළඟ සමීපයෙන් හිටි වෙලාවක වත් එහෙම වගක් තිබුණෙ නැහැ නෙ. ඔයා අපි නඩේටම පෙන්නුවෙ එකම සෙනෙහසක්.”

“කමක් නැහැ මං ප්‍රමාද වැඩියි. ඔයා ගිහින් මිනිහ එක්ක සමගි වෙන්න. මා නිසා ඔයා මිනිහා එක්කලා ඇර ගන්න අවශ්ය නැහැ. මගේ සිතේ තරහක් නැහැ.”

“නැහැ මං එයා එක්ක සේරම ඉවර කරලයි ආවෙ.”

“ඒ කොහොම ද?”

“කම්මුල් පාරකින්, ඒක හොඳට වැදුණා.”

මම විනීතා මගේ පපු පෙදෙසට සිර කර ගත්තෙමි.

***

“ඇයි අද කාරෙකෙන් බහින්නෙ නැද්ද?”

පිර්ඇයයානිගේ හඬින් මම පිබිදුනෙමි. නොදැනුවත් ව ම අපි නිවෙස ළඟට ඇවිත්.

“පව් නේද අහිංසකයා?” ගෙට ගොඩ වන ගමන් ඇය කීවාය.

“හ්ම් ජීවිත අකාලයේ බිලිගන්න තරම් ආදරයට සුදුසු කම් නැහැ. ඒක හරියට කලින් කලට අපගේ සිත්වල ඇති වෙන හැඟීමක් පමණයි. අනෙක් හැම එකක් වාගේම අස්ථිරයි, ඒ හැර සුවිශේෂ වැදගැම්මක් නැහැ!” මම සිතින් පිළිතුරු දුන්නෙමි. මා කිසි දිනෙක හරියාකාරව පිරු ප්‍රියානිට මේ කතාව කියා තිබුණේ නැහැ.

නිමි

ගැට පද විවරණය:
අංඩර කනවා - රැවටීමට හසුවෙනවා
ඇණ ගන්නවා - අසමත් වෙනවා
කනවා - ආදරේ කී විට පරවා තික්ෂප වෙනවා
සැල ගැහීම - ගැහැණු ළමයින් හා නිකරුණේ කථා කිරීම
රූමා - එක කාමරේ වසන මිතුරා
බැච් - එකවර පාඨමාලාව හදාරන සිසු කැළ
මැත - ගණිතය
දා ගන්නවා - යම්තම් සමත් වෙනවා
තෙල බෙදනවා - විෂයයනට අදාල නො වන දේ කතා බහේ යෙදෙනවා
ක්‍රෑම - කට පාඩම් කිරීම

-හේමාල් ජයවික්‍රම

Sunday, November 6, 2011

කලාවැව අබියස දී (කෙටිකතාව) - සමන් මහානාම දිසානායක


ශ්‍රී ලංකාවට නිවාඩුවකට යන සෑම විටෙකම දූ දරුවන් සමඟ ශ්‍රී ලංකාවේ පැරණි ශ්‍රී විභූතිය නැරඹීම යාම මගේ පුරුද්දක් විය. මේ ගමනට තවත් පවුලක් එකතු කර ගැනීමද සාමාන්ය සිරිතක් වී තිබිණි. පසු ගිය වසරෙහි ශ්‍රී ලංකාවට ගිය විට අප සංචාරයට එකතු වූයේ මගේ සොහොයුරියත් ඇගේ සැමියා හා දියණියන් දෙදෙනාත්ය.

සුපුරුදු පරිදි අපේ පැරණි නටඹුන් බලා ඒ ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් කළ විශ්මයක ජනක දෑ මගේ දූ දරුවන්ට විස්තර කර දුනිමි. ඒ එක් දිනයක දිවා ආහාරය ගැනීම පිණිස අපි කලා වැව වෙත පැමිණියෙමු. කලාවැවෙන් දිය නෑ පසු මගේ බිරියත් සොහොයුරියත් අප බැඳ ගෙන ආ බත් මුල් එකිනෙකාට දෙන්නට වූහ. ආහාර ගත් පසු දරුවන් වැව අසළම සෙල්ලම් කරන්නට වූ අතර වැඩිහිටි අපි පසු දින සංචාරය සඳහා යාමට සුදුසු තැන් සාකච්ඡා කරන්නට වූයෙමු. දෙපැයක් පමණ එසේ ගත කළ අපි විඩාව ද සංසිඳුවාගෙන නැවත සංචාරය පටන් ගත්තෙමු.

එදින ඇඳිරි වැටීගෙන එන විට අපි රාත්‍රිය ගත කිරීම සඳහා සංචාරක හෝටලයක් වෙත පැමිණියෙමු. ඒ වන විට අප හැම දෙනාම හොඳටම වෙහෙස වී සිටි බැවින් තම තමන්ගේ කාමර වලටම වී විවේක ගැනීමට කවුරුත් එකඟ වූහ.

‘තාත්තා මගේ මාලේ නෑ. කොහේදෝ වැටිලා’ යැයි කියමින් මගේ දියණිය සමන්ති හැඬුම්බර මුහුණින් මා වෙත පැමිණියාය.

ඇගේ කර බැඳි ඒ රත්තරන් මාලය මෙයට දෙවසරකට පෙර මිය ගිය මගේ මෑණියන් විසින් ඇයට දෙන ලද ත්‍යාගයකි. මගේ මෑණියන් විසින් ඇයට තිළිණ කළ දෙයක් වූවා නම් ඒ එම මාලය පමණි. ඒ නිසා කෙසේ හෝ එය සොයා ගත යුතු යැයි මම සිතුවෙමි. එදින කළ කී දෑ අනුව නොඅනුමානවම කලා වැව අසළ ක්‍රීඩා කරමින් සිටින විට එය වැටෙන්නට ඇතැයි මම අනුමාන කළෙමි. කවුරුත් පාහේ විඩාවට පත්ව සිටියෙන් මම තනිවම කලාවැව වෙත ගොස් ඒ ගැන සොයා බැලීමට තීරණය කළෙමි.

විදුලි පන්දමද ගෙන රථයට නැග පිටත් වූ මා කලා වැව අසළට එන විට සැඳෑ අඳුර දසත පැතිර යමින් තිබුණි. දරුවන් ක්රී ඩා කළ තැන් වල සුපරීක්ෂාකාරීව බලමින් ගමන් කරන විට මගේ පසු පසින් ආ කට හඬක් ඇසුණි.

‘දරුවා මොනවද ඔබ මේ ගොම්මන් වෙලාවේ මෙතැනට ඇවිත් සොයන්නේ?’

මම ඒ කට හඬ ආ දෙසට නෙත් යොමු කළෙමි. සුදෝ සුදු සලූ පිළි වලින් සැරසී සිටි ඔහු වයසක පුද්ගලයෙකි. ඔහුගේ පෙනුමෙහි ගම්භීර බවක්ද මම දුටුවෙමි. මම ඔහුට නැතිවුන යමක් සොයන බව පැවසුවෙමි.

‘මේකද හොයන්නේ?’

‘ආ... නේ... ඔව් ඕක තමයි. ඔබට බොහොම ස්තූතියි.’

එය දුටු මට ඇති වූ ප්‍රීතිය කියා නම් කළ නොහැකි වූයේ ඒ ගැන මගේ වූ බලාපොරොත්තුව හීන වී ගොස් සිටි නිසාය.

ඔහු මාලය දුන් විට ‘මේක තියාගන්න’ යැයි කියූ මම රුපියල් දහසක නෝට්ටුවක් ඔහු වෙත දිගු කළෙමි. ඔහු ඉතා කරුණාවෙන් එය ප්‍රතික්‍ෂේප කළේය.

‘නෑ නෑ කමක් නෑ ඕක තියාගන්න. මේ මාලේ හරිම වටින එකක්.’

‘වටින එකක්? ඔයිට වඩා වටින දේවල් මට කොච්චර නැති වුණාද? ඒත් මං ඒවා ගැන දුක් වෙන්නේ නෑ. ලැබුණ දේවල් ගැන සතුටු වෙනවා.’

මම ඔහු දෙස හොඳින් බැලූවෙමි. සුදු පාට සාටකයක් හා ලිහිල් උඩුකය හැට්ටයක් වැනි ඇඳුමකින් සැරසී සිටි ඔහු පොහොසත් මුදලාලි කෙනෙකුව සිටින්නට ඇතැයි මම සිතුවෙමි. ඒ සියල්ලම ඔහුට අහිමි වන්නට ඇත. එසේ නැත්නම් ඔහුගෙන් පැහැර ගන්නට ඇත. දැන් ඔහුට ඒ කිසි දෙයක් ගැන ආශාවක් නැතුව ඇත.

‘එහෙනම් ඔබ හොඳ සල්ලිකාරයෙක් වෙලා ඉන්න ඇති.’ මම කීවෙමි. ඔහු මට පිළිතුරු නොදී කලා වැව දෙසම නෙත් හෙලා සිටියේය. ඔහු එතැන තනිකර දමා යාමට මට සිත් නොදුන්නේය.

‘රෑ වුණා නේද? මං ඔහේව ගෙදර ලඟින් බස්සවන්නම්. යමු’ කියා මා කීවේ ඔහු දුන් මුදලවත් නොගත් නිසා වෙන යම් උදව්වක් ඔහුට කළ යුතු යැයි සිතුණ බැවිණි.

‘මම කොහේ යන්නද? මගේ මේ වස්තුව දාලා මම කොහේ යන්නද?’ ඔහු වැව දෙසම බලාගෙන වැව් කණ්ඩිය මත ඉඳ ගත්තේය.

‘මේ හරියේ රෑට වැඩිය ඉන්න හොඳ නෑ. හොරුත් ඉන්නවලූ. එන්න මං මාමා ව ගෙදර ලඟින්ම බස්සවලා යන්නම්.’ ඔහු මා කී දේ නෑසුනාක් මෙන් සිටියා පමණක් නොව මටද ඔහු අසළින් ඉඳ ගන්නා ලෙසට අතින් සංඥාවක් ද කළේය.

‘මේ දරුවා බොහෝම දුර බැහැරක ඉඳන් වගෙයි ඇවිත් තියෙන්නේ?’

‘ඔව් හුඟක් ඈත ඉඳන්. ඒත් මම මේ පැත්තට අවුරුදු දෙකකට වරක්වත් එනවා. ඇවිත් සීගිරි දඹුලූ ....’

‘මේ දරුවා සීගිරියටත් ගියාද?’ මගේ කතාවට බාධා කරමින් ඔහු විමසුවේය. ඔහුගේ මුහුණෙහි අමුතු ප්‍රභාවක් ඒ අඩ අඳුරේ වුවද මට දැක ගත හැකි විය.

‘අපොයි ඔව්. සීගිරියට නොගිහින් බැහැනේ. සීගිරිය වගේ අපේ රටට, ජාතියට ආඩම්බර වෙන්න පුළුවන් වස්තුවක් තවත් නෑනේ.’

ඔහුගේ මුහුණේ වූයේ ඉතා ආඩම්බරය මුසු වූ බැල්මකි.

‘ඔව් මටත් හරි ආඩම්බරයි. සීගිරිය අපි කාටත් ආඩම්බරයක් පුතා. මට උඹ ගැන හරිම ආඩම්බරයි පුතා. උඹ මාව මැරුවා තමයි. ඒත් මං ඒක ගණන් ගන්නේ නෑ. උඹ අපේ රටට ම කීර්තියක් ලබා දුන්නා. මට උඹ ගැන හරිම ආඩම්බරයි.’

ඔහුගේ කතාවේ අගක් මුලක් තේරුම් ගත නොහැකි වූ මම ඔහුගේ සිහිය විකල් වී ඇත්දැයි සැක පහළ කළෙමි.

‘ඔබව මැරුවා? ඔබ මේ මොනවද කියන්නේ? මැරුවා නම් මේ ඔබ මෙතන ඉන්නේ?’

ඔහුගේ මුහුණෙහි ඉතා ව්යාඉකූල බවක් පලවිය. ඔහු ඉඳගෙන සිටි තැනින් නැගිට්ටේය.

‘පහුගිය අවුරුදු දෙදාහක විතර කාලයක් තිස්සෙ හැම අවුරුද්දකටම දවසක් මං මෙතනට එනවා. මං මේ හදපු කලා වැව දිහා බලලා, මිනිස්සු ඒකෙන් ප්රියෝජන ගන්න හැටි බලලා මං සන්තෝස වෙනවා. මගේ පුතා රටට සීගිරිය දායාද කළා වගේ මං රටට දායාද කළේ මේ කලා වැව තමයි.’

’ඇත්තටම ඔබ කවුද?’ කියා මා ඇසුවත් ‘මේ පිස්සු මනුස්සයා මොනවද මේ දොඩවන්නේ?’ යන සිතිවිල්ලයි මට ආවේ.

‘මං ධාතුසේන. මේ කලාවැව කරවපු ධාතුසේන’ ඔහු සන්සුන්ව පිළිතුරු දුන්නේය. ඒ පිළිතුර මට අදහා ගත නොහැකි විය.

’ඒ කියන්නේ අපේ සීගිරි කාශ්‍යප රජතුමාගේ පියාණන්?’

‘ඔව් මං තමයි ඒ ධාතුසේන. ඔබ වැනි අය මාව සීගිරි කාශ්‍යප ගේ පියාණන් විදියට මතක තියා ගන්නවා නම් ඒකත් මට සතුටක්. දරුවන්ගේ හපන්කම් අහන කොට දකින කොට දෙමව්පියන්ට ඇති වෙන සතුට මෙතෙකැයි කියන්න පුළුවන්ද? කාශ්යප පුතා. මට ඔබ ගැන හරිම ආඩම්බරයි.’ ඔහු උස් හඬින් කීවේය.

‘මං අහලා තියෙන විදියට කාශ්‍යප රජතුමා සිය පියාණන් ඝාතනය කරලා තියෙනවා.’ පුදුමයට පත් වූ මම කීවෙමි.

‘ඔව් අර මිගාරයාගේ බොරු කතා වලට රැවටිලා එයා ඒක කළා තමයි. ඒ වුණත් රටට දැයට වැඩක් කරපු මගේ පුතා එක්ක මගේ කිසි අමනාපයක් නෑ. මගේ පුතා කරපු දේවල් බලලා මිනිස්සු කියන කතා ඇහෙන කොට මං තරම් සතුටු වෙන කෙනෙක් තවත් මේ ලෝකේ නැතුව ඇති. කියන්න. ඔබේ පුතාත් කවදා හරි රටට කීර්තියක් ගෞරවයක් ලබා දෙන කාරියක් කළොත් ඔබට සතුටු නැද්ද?’

‘ඇයි නැත්තේ? ඒක මට කොයි තරං ආඩම්බරයක්ද?’

‘ඒ දරුවා කාගේ හරි කේලම් බහක් අහලා ඔබට අතවරයක් කළොත් එහෙම ඔබ ඒ දරුවට වෛර කරනවද?’

‘බෑ, මට ඒක කවදාවත් කරන්න බෑ.‘

‘මටත් එහෙමයි පුතා.’

‘එතකොට ඔබේ බාල පුතා මුගලන් ගැන ඔබට ආඩම්බර නැද්ද? ඔහු හමුදාවක් අරං ඇවිත් කාශ්‍යප එක්ක යුද්ධ කරලා ඔහුව පරාජය කරලා ඔබ මැරුව පලිය ගත්තා.’

‘මතක් කරන්න එපා. කලාවට අර තරම් සේවයක් කළ මගේ කාශ්‍යප පුතාව එයා විනාශ කළා. එහෙම නොවුනා නම් අද මේ මුළු ලංකාව ම එකම කලාගාරයක් බවට පත්වෙන්නට ඉඩ තිබුණා.’

‘ඒත් මුගලන් ඔබට තිබුණ ආදරය නිසා නොවේද එය කළේ?’

‘නෑ පුතා. ඒ දෙන්නම ආසා කළේ රජ කමටයි. කාශ්‍යප පියා මරා රජ වුණා. මුගලන් සොහොයුරා මරා රජ වුණා. ඒත් කාශ්යප ඒක කළේ මිගාරයාගේ මුසා බස් වලට රැවටුන නිසයි. ඒකත් මං කරපු පාපයක් නිසා වුණ දෙයක්.’

‘ඔබ කළ පාපයක් නිසා වුණ දෙයක්?’

‘ඔව්. ඔබ දන්නවනේ. මිගාර කියන්නේ මගේ හිටපු හමුදාපති. එයාගෙ හපන්කම් නිසා මං කොයි තරම් සතුටු වුණාද කිව්වොත් මගේ එකම දියණිය මං ඔහුට සරණ කර දුන්නා.’

‘ඉතිං ඇයි එහෙම නම් මිගාර ඔබට විරුද්ධව කටයුතු කළේ?’

‘මගේ දියණිය ගැන බොරු කේලාම් නිති පතා කියා මිගාර ගේ මාතාව මිගාර ලවා මගේ දියණියට කරදර හිරිහැර කරන්නට පටන් ගෙන තියෙනවා. දවසක් මගේ දියණිය හඬාගෙන මාලිගයට ඇවිත් මිගාර ඇයට පහර දුන් බව කිව්වා. ඇගේ මුහුණ ඉදිමී දෙකම්මුලෙහි ඇඟිලි සලකුණු ද මා දුටුවා. පියෙක් වශයෙන් කෝපයක් ඇති වීම සාධාරණ නැද්ද? මා ඒ මොහොතෙහිම රාජපුරුෂයන් යවා ඔහුට දඬුවම් කිරීමට සිතුවා. එහෙත් රාජපුරුෂයන් එහි යන විට ඔහු පලා ගිහින්. මගේ සිතේ වූ කෝපය තවත් වැඩි වුණා. ඒ නිසයි මා ඔහුගේ මෑණියන් මාලිගයට කැඳ වූයේ. ඇය මගේ දියණියට නිග්රහ කරන්නට වුණා. කෝපයෙන් වියරු වූ මා ඇ ගිණි මැලයකට දමන්නට අණ කළා. මා කළේ ලොකු වරදක් බව මා පිළිගන්නවා.’

‘ඉතිං ඒ ගැන කාශ්‍යප කෝපයට පත්වීමට කිසි හේතුවක් නැහැනේ?’

‘කාශ්‍යප ගේ හොඳම මිතුරා කලාව. ඊළඟට හිටි හොඳම මිත්රායා තමයි මිගාර. මිගාර කාශ්‍යප හමු වී මා හොර රහසින් මගෙන් පසු රජකම මුගලන් හට දීමට කටයුතු කරනවා යැයි කියා මා ඔහු කෙරෙන් බිඳ වූවා.’

සඳ රැසින් බබලන ආකාශය දෙසත් සඳ කැන් වැදී විචිත්ර්වත් සිතුවමක් ලෙස පෙනෙන කලා වැව හා ඒ අවටත් නෙත් හෙලූ ධාතුසේන රජතුමා යළිත් කතාව පටන් ගත්හ.

‘මා සිර කර රජ බවට පත් වූ කාශ්‍යප පසුව මිගාර ගේ වදන් පිළිගෙන මා මුගලන් හට දීමට සඟවා ඇති වස්තුවක් ඉල්ලමින් නිතර කරදර කරන්නට වුණා. මා සැඟවූ වස්තුවක් නැතැයි කියා කොතෙක් කීවත් ඔහු පිළිගත්තේ නෑ. අවසානයේදී මගේ වස්තුව ඔහුට දීමට නම් එක් වරක් මට කලාවැවෙන් නෑමට ඉඩ දෙන්නැයි මං අවසර ඉල්ලූවා. ඒ අනුව කලාවැවෙන් හිතේ හැටියට නා ගත් මම ඉන් වතුර දෝතක් ගෙන මේ තමයි මට දෙන්නට තිබෙන ලොකුම වස්තුව කියා කීවා. ඉන් කෝපයට පත් වූ කාශ්‍යප මා මරා දැමීමට අණ කලා. කාශ්‍යප පුතා. ඔබ රැවටිලි කාරයකුගේ බසට මුළා වුණා. ඔබ හා මගේ කිසිම අමනාපයක් නෑ පුතා.’

පුදුමයෙනුත් පුදුමයට පත් වෙමින් මා ඔහු කී වදන් අසා සිටියෙමි.

‘අයියා.... අයියා....’

‘මාව හොයන්න මස්සිනා ඇවිල්ලා. මං යන්නම්.’ මම ධාතුසේන රජතුමා දෙසට හැරී කීවෙමි. ඔහු මට අවසර දෙන්නට මෙන් හිස සැලීය.

‘අයියා මොනවද මේ කරුවලේ බිම ඉඳගෙන කරන්නේ? මාලේ හම්බ වුණාද?’

‘ඔව් මල්ලි. මේ ඉන්න ධාතුසේන රජ්ජුරුවෝ.....’ මම ධාතුසේන රජතුමා සිටි තැනට නෙත් යොමු කළෙමි. එතැන දැන් කිසිවකු නැත.

‘අයියට මෙතන නින්ද ගියා වගෙයි. නියම හීනයක්නෙ අයියා දැකලා තියෙන්නේ?’

‘හීනයක්. ඒක හීනයක්ද?’ මම මගේ සාක්කුවට අත දැමුවෙමි. දියණියගේ රත්තරන් මාලය එහි ඇත.

‘අපි යමු මල්ලි’ කී මම ඔහු සමඟ එතැනින් පිටත් වුණෙමි.

-සමන් මහානාම දිසානායක

(image: http://touristguide.ncp.gov.lk/bin/things-to-see/details/index.php?id=56)