Thursday, December 15, 2011
ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් - Sir Don Bradman - හෙන්රි කුමාරප්පෙරුම
බටහිර දෙසට දිව යන මහ මග ඔස්සේ
ඈතින් ගමක තතු කියවෙයි හැම තිස්සේ
වියැලෙන කතර වියලෙන්නට නොව රිස්සේ
මිදි බඩ ඉරිඟු වතු හරිතෙන් කළෙ තොස්සේ
කෙත් බිම් වැවේ සරුවට ඈත ඇසි දිසි
නෙත් සිත් පිරේ කහ පැහැ හිරු මලින් වැසී
යත්නක් නොවේ නම් වපසරිය බොල් ගැසී
අත් පත් සුවේ කිමදැයි දනිති ගම වැසී
"කූටමන්ඩුරා" නගරය දැකුම්කළු
"යං" "වග-වගට" අතරින් කඳු ය කොත් දිලූ
"දොන් බ්‍රැඩ්මන්" කුමරු නිජබිමට සෙත එලූ
ඔහු කෙලි ලොවෙහි තැබු නම වීය කන්කළු
ක්‍රීඩා ක්‍රිකට් පිති හරඹයට හද යෙදූ
නෙක විරු දනන්ගෙන් අරුමයකි ලොව සැදූ
බැද ජය කෙහෙලි බ්‍රැඩ්මන් මැතිඳ දෙස පිදූ
මේ කෙලි බිමට නන් දෙස දනගෙ පුද සැදූ
නිල්ලේ සිසාරා දස අත පන්දු ගියා
මුල්ලේ ගමක කිතු ගොස ඉන් පැතිර ගියා
බ්‍රැඩ්මන් නමට සිරිමත් නම යාව ගියා
එල්ලේ බලති සැම එනම ම පෙරට තියා
ඉතිහස බබලවන විරුවකු ලෙසින් දැයේ
මද හස මුවග දී නව-දසකයක් ගියේ
සිරිමත් නාමෙ දොන් බ්‍රැඩ්මන් තබා දැයේ
අවසන් මතක ඇඩිලේඩයෙ තබා ගියේ
-හෙන්රි කුමාරප්පෙරුම
(image: http://www.espncricinfo.com/australia/content/image/366312.html)
Subscribe to:
Post Comments (Atom)
කියවා රස වින්දා
ReplyDeleteදුරු රටක සිට ඔබ සැම දෙන කරන මෙහෙය විශිෂ්ඨයි :))
ReplyDeleteසුභ පැතුම්
අප වැනි අය අතර පුහුදුන්
ReplyDeleteබැබලෙන මහ කන්දකි රන්
නිහතමානි ඩොන් බ්‍රැඩ්මන්
ගැන ලියු කවි ටිකත් මසුරන්
නිහාල් රූපසිංහ
පිදු ක්‍රිකට් රජ කිරුලෙන්
ReplyDeleteනිහතමානී දොන් බ්‍රැඩ්මන්
ලියූ කවත් මල් මසුරන්
දේදුන්නට පාටක් දෙනු වැන්