Sunday, October 30, 2011

ලේඛක සංසදය, නිව් සවුත් වේල්සය, ඕස්ට්‍රේලියාව - හැඳින්වීම

ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය 2009 නොවැම්බර් මස 29 දින සිඩ්නි නගරයේ දී පිහිටුවා ගන්නා ලදී.

අපේ අරමුණු
  1. පොදුවේ ඕස්ට්‍රේලියාවේ සහ සුවිශේෂීව නිව් සවුත් වේල්ස ප්‍රාන්තය තුල සිංහල භාෂාව පරිහරනය වැඩි දියුණු කිරිම

  2. පොදුවේ ඕස්ට්‍රේලියාවේ සහ සුවිශේෂීව නිව් සවුත් වේල්ස ප්‍රාන්තය තුල සිංහල සාහිත්‍යමය ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම

  3. ඕස්ට්‍රේලියානු සිංහල ලේඛකයින් ගේ සාහිත්‍යමය වැඩ කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීමෙන් ඔවුන් ට සහය වීම

  4. සිංහල සංස්කෘතික හමුවේ සියළු සාහිත්‍යමය වැඩ කටයුතු සඳහා සහය වීම

සාමාජිකත්වය
මෙම සංසදයේ සාමාජිකත්වය සිංහල සංස්කෘතික හමුවේ සියළු සාමාජිකයින්ට සහ පවුලේ සාමාජිකයින් සඳහා විවෘත වේ.

කලමණාකරනය
සංසදයේ කලමණාකරන කටයුතු සිදු කෙරෙනුයේ සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍ය අංශයේ උප සභාපති සහ සංසදයේ සාමාජිකයින් අතුරින් පත්කරගනු ලබන සම්බන්ධීකරුවන් සිව් දෙනෙකු මගිනි.

මුදල් කටයුතු
ලේඛක සංසදය මගින් බැංකු ගිනුම් පවත්වාගෙන යනු නොලබන අතර මුදල් පරිහනය එක් එක් ව්‍යාපෘතියක කාල සීමාව දක්වා පමණක් සිදු කෙරෙණු ඇත. සියළු මුදල් ගණු දෙණු සිදුකෙරෙනුයේ සිංහල සංස්කෘතික හමුව මගිනි.

ආචාර ධර්ම පද්ධතිය
  • ලේඛක සංසදය, සිංහල සංස්කෘතික හමුවට අදාල සියළු නීති රීති, රෙගුලාසි සහ අතුරු-නීති යටතේ කටයුතු කිරීමට බැඳි සිටී.

  • ලේඛක සංසදයේ රැස්වීම්වලදී ගනු ලබන තීරණ ලේඛනගත කරනු ලැබේ. නැවත රැස්වීමක දී වෙනස් කිරීමක් කරන තුරු එම තීරණ වලංගු වේ.

  • ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යාපෘති තෝරා ගැනීමේදී ලේඛක සංසදය මගින් තම ප්‍රකාශිත අරමුණු උපයෝගී කර ගනු ලබන අතර ඒ සඳහා පොඳු එකඟත්වයේ මත සාධාරණ, අපක්‍ෂපාතී සහ විනිවිද පෙනෙන ආකාරයෙන් කටයුතු කරනු ලැබේ.

අප අමතන්න: writers.guild.scf@gmail.com

No comments:

Post a Comment