Pages

Thursday, December 15, 2011

ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් - Sir Don Bradman - හෙන්රි කුමාරප්පෙරුම


බටහිර දෙසට දිව යන මහ මග ඔස්සේ
ඈතින් ගමක තතු කියවෙයි හැම තිස්සේ
වියැලෙන කතර වියලෙන්නට නොව රිස්සේ
මිදි බඩ ඉරිඟු වතු හරිතෙන් කළෙ තොස්සේ

කෙත් බිම් වැවේ සරුවට ඈත ඇසි දිසි
නෙත් සිත් පිරේ කහ පැහැ හිරු මලින් වැසී
යත්නක් නොවේ නම් වපසරිය බොල් ගැසී
අත් පත් සුවේ කිමදැයි දනිති ගම වැසී

"කූටමන්ඩුරා" නගරය දැකුම්කළු
"යං" "වග-වගට" අතරින් කඳු ය කොත් දිලූ
"දොන් බ්‍රැඩ්මන්" කුමරු නිජබිමට සෙත එලූ
ඔහු කෙලි ලොවෙහි තැබු නම වීය කන්කළු

ක්‍රීඩා ක්‍රිකට් පිති හරඹයට හද යෙදූ
නෙක විරු දනන්ගෙන් අරුමයකි ලොව සැදූ
බැද ජය කෙහෙලි බ්‍රැඩ්මන් මැතිඳ දෙස පිදූ
මේ කෙලි බිමට නන් දෙස දනගෙ පුද සැදූ

නිල්ලේ සිසාරා දස අත පන්දු ගියා
මුල්ලේ ගමක කිතු ගොස ඉන් පැතිර ගියා
බ්‍රැඩ්මන් නමට සිරිමත් නම යාව ගියා
එල්ලේ බලති සැම එනම ම පෙරට තියා

ඉතිහස බබලවන විරුවකු ලෙසින් දැයේ
මද හස මුවග දී නව-දසකයක් ගියේ
සිරිමත් නාමෙ දොන් බ්‍රැඩ්මන් තබා දැයේ
අවසන් මතක ඇඩිලේඩයෙ තබා ගියේ

-හෙන්රි කුමාරප්පෙරුම

(image: http://www.espncricinfo.com/australia/content/image/366312.html)

4 comments:

  1. කියවා රස වින්දා

    ReplyDelete
  2. දුරු රටක සිට ඔබ සැම දෙන කරන මෙහෙය විශිෂ්ඨයි :))

    සුභ පැතුම්

    ReplyDelete
  3. අප වැනි අය අතර පුහුදුන්
    බැබලෙන මහ කන්දකි රන්
    නිහතමානි ඩොන් බ්‍රැඩ්මන්
    ගැන ලියු කවි ටිකත් මසුරන්

    නිහාල් රූපසිංහ

    ReplyDelete
  4. පිදු ක්‍රිකට් රජ කිරුලෙන්
    නිහතමානී දොන් බ්‍රැඩ්මන්
    ලියූ කවත් මල් මසුරන්
    දේදුන්නට පාටක් දෙනු වැන්

    ReplyDelete